වෙළදපොලෙන් ඔබ විවිධ දේ මිලදී ගන්නවා, එහිදී ඔබට දුඹුරු සහ සුදු බිත්තර යන දෙවර්ගයම දක්නට ලැබේ. ඔබේ අත්දැකීම අනුව ඔබ මිලදී ගන්නේ මොන වර්ගයේ බිත්තරද? සාමාන්‍යයෙන් සුදු බිත්තර දුඹුරු බිත්තර වලට වඩා මිලෙන් අඩුය.සමහරු හිතනවා මිලෙන් වැඩි එක හොදයි අනෙක් එකට වඩා කියල. නමුත් එක ඇත්ත නෙවෙයි. ඒ වගේම මේවායේ වෙනස මේ සැමදෙටම වඩා වෙනස්.
‘සමහරු හිතනවා මිලෙන් වැඩි එක හොදයි අනෙක් එකට වඩා කියල. නමුත් එක ඇත්ත නෙවෙයි. ඒ වගේම මේවායේ වෙනස මේ සැමදෙටම වඩා වෙනස්’බිත්තර කටුවල ස්වභාවය නිර්මාණය වන්නේ කිකිළියන්ගේ ස්වභාවය අනුව. සුදු පිහාටු සහිත කිකිළියන් සුදු බිත්තර දමන අතර රතු පැහැ වර්ණයෙන් යුත් කිකිළියන් දුඹුරු පැහැති බිත්තර දමනු ලබයි. මෙය සමාන්‍ය දෙයක්. දුඹුරු පැහැ බිත්තර මිලෙන් වැඩි නිසා මිනිසුන් සිතනවා මේවා පෝෂ්‍යදායි වගේම රසවත් බව. නමුත් මෙය නොවෙයි යථාර්තය.රතු වර්ණයෙන් යුත් කිකිළියන් බරෙන් මෙන්ම පෙනුමෙන්ද විශාල වේ. රතු පැහැ වර්ණයෙන් යුතු කිකිළියන් නඩත්තුව සදහා වැඩි ආහාර ප්‍රමාණයක් ලබා දීමට සිදුවන අතර එය හිතකර නිෂ්පාදනයකට යෝග්‍යවේ. එම නිසා දුඹුරු වර්ණයෙන් යුත් බිත්තර නිෂ්පාදනයට වැඩි වියදමක් දැරීමට ගොවිපල හිමියන්ට සිදුවේ. එම නිසයි මෙම බිත්තර සුදු බිත්තර වලට වඩා මිලෙන් අධික.
එම නිසා ඔබ මීලගට වෙළදපොලෙන් බිත්තර මිලදී ගැනීමේදී ඔබ කැමති පරිදි තෝරාගන්න. මොකද දන්නවද මේ දෙවර්ගයම බිත්තර වන නිසාත් පෝෂණයේ වෙනසක් නොවන නිසාත්. පෝෂණයේ වෙනසක් සිදුවන්නේ ඔබ එය භාවිතයට ගන්නේ ක්‍රමය අනුවයි.
මෙම ලිපිය MSN වෙබ් අඩවියේ පලවූ ” This is the difference between Brown Eggs & White Eggs “යන ලිපිය ඇසුරෙනි.