දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේ ගාල්ල ඕලන්ද බලකොටුව පිහිටුවා ඇත. දැනට ලංකාවේ ඇති පැරණිතම ඕලන්ද බලකොටුව මෙය වේ. පෘතුගීසීන් විසින් 1588 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම බලකොටුව ඉදි කරන ලදී. ඕලන්දයින් විසින් පෘතුගීසීන්ව පලවාහැරීමෙන් පසු 17 වන සියවසේ 1649 වසරේ සිට ඕලන්දයින් බල කොටුවේ ඉදිකිරීම් කරන ලදී. මෙහි ඉදිකිරීම් හෙක්ටයාර 52ක් පුරා විහිදී ඇත. කොටුවේ ආරක්ෂාවට ඇතුලත සිට පවුර වටා මුරකුටි 14කින් යුක්ත වේ.
” ඕලන්දයින් විසින් පෘතුගීසීන්ව පලවාහැරීමෙන් පසු 17 වන සියවසේ 1649 වසරේ සිට ඕලන්දයින් බල කොටුවේ ඉදිකිරීම් කරන ලදී”
බලකොටුවට පිවිසෙන උතුරු දොරටුවේ ආරක්ෂාවට ඕලන්ද ඇළ හා ඒ හරහා ඇදිය හැකි පාලමක් 1669 වසරෙ ඉදිකරන ලදී.මුහුදින් ආරක්ෂා වීම සදහා 1729දී විශාල කළුගල් පවුරක් ඉදිකරන ලද අතර ඇතුලත නගරය සංවර්ධනය කරන ලදී. බ්‍රිතාන්‍ය මහා රැජිනගේ ජුබිලිය වෙනුවෙන් ඉංග්‍රිසීන් විසින් 1883දී ස්මාරකයක් ඉදිකරන ලද අතර ගාලු කොටුව තුල ප්‍රදීපාගාරයක් පිහිටුවා ඇත. ඉංග්‍රීසින් විසින් කොළොඹ යටත් කර ගැනීමෙන් පසු 1796 පෙබරවාරි 23දින ඕලන්දයින් විසින් ගාලු කොටුවේ පාලනය ඔවුන්ට බාරදෙන ලදී.
මේ වගේ විස්තර හැමදාම බල්ලන අපගේ web site එක subscribe/following කරන්න. ඒවගේම අපගේ facebook page එකට like කරන්නත් අමතක කරන්න එපා.