සිංහරාජ වනාන්තරය ‘සිංහරාජය’, ‘සිංහරජදහන ‘ යන නම්වලින් හඳුන්වන අතර දකුණු සහ සබරගමු පළාත්වලට අයත් ජාතික වනෝද්‍යානයකි. UNESCO සංවිධායන විසින් 1988දී ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී. එමෙන්ම 1978 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද නම් කරන ලද නිසා අන්තර් ජාතික වශයෙන් වැඩි අවධානයක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම කදුකර වැසි වනාන්තරය පිවිසුම් අපහසුතාව නිසා වාණිජකරණයට ලක් නොවී ආරක්ෂා වී ඇත.
“UNESCO සංවිධායන විසින් 1988දී ලෝක උරුමයක් ලෙස නම්කරන ලදී.”
මෙහි ශාක විශේෂ මෙන්ම කෘමි,උභය ජීවින් ,උරගයින්, පක්ෂීන් සහ ක්ෂීරපායින් ඇතුළු ආවේණික සතුන්ගෙන් ගහන සුරක්ෂිත අභය භූමියකි. මෙහි වපසරිය නැගෙනහිර දෙස සිට බටහිරට කි.මි.21ක් සහ දකුණු දෙසට උපරිම කි.මි.7කි. ශ්‍රී ලංකාවේ දැනට හදුනාගෙන් ඇති අවේණික පක්ෂීන් අතරින් වැසි වනාන්තර වල ජිවත් වන පක්ෂීන් විශේෂ 20ක් මෙම වනාන්තරයේ දක්නට ලැබේ.
මේ වගේ විස්තර හැමදාම බල්ලන අපගේ web site එක subscribe/following කරන්න. ඒවගේම අපගේ facebook page එකට like කරන්නත් අමතක කරන්න එපා.